පාප් වහන්සේ අසනීප වූ හේතුව

නොවැ 30, 2023
    ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.

     

    86 හැවිරිදි පාප් වහන්සේ සිකුරාදා තෙදින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. පසුගියදා වතිකානය පවසා තිබුනේ අසනීප වුවද උන්වහන්සේ සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇති බවයි. නමුත්, වෛද්යවරුන්ගේ ඉල්ලීමකට අනුව, සංචාරය අවලංගු කිරීමට පාප් වහන්සේ එකඟවී තිබෙනවා.
     
    උන්වහන්සේ CT ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරුණු අතර, යම් ආසාදන තත්වයක් පෙන්නුම් කර තිබෙනවා. සතිපතා ආශිර්වාදය දේව මෙහෙය සඳහා උන් වහන්සේ ශාන්ත පීතර චතුරශ්රය වෙනුවට තම නිවසේ සිට ඊට සහභාගී වුණා.
     
    ෆ්රැන්සිස් පාප් වහන්සේට මේ වසරේ සෞඛ්ය ගැටලු කිහිපයකටද මුහුණ දීමට සිදුව තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී උන්වහන්සේ බ්රොහන්කයිටිස් රෝගය හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර ජුනි මාසයේදී හර්නියා රෝගයත් සමග උදරයේ සැත්කමකටද භාජනය කෙරුණා.

    Latest News