පුළතිසිපුරයට ගිය තද වැස්ස

දෙසැ 01, 2023
    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද දිනයේ (01) දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

     

    ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
     
    නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති වෙයි.දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
     
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇදහැළෙනවා.
    දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇති විය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
    Last modified on සිකුරාදා, 01 දෙසැම්බර් 2023 13:35

    Latest News