පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගයක්

නොවැ 29, 2023
    ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා
    මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු,විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ, සහ ගාමිණී අබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තා.
     
    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
     
    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණයක් සාධාරණ හා නිදහස්ව පැවැත්විය යුතු බවත් එයට යම්  බාධාවක් සිදු වනවා එය විධායකයේ වරදක් බවත් සඳහන් කර සිටියා.
     
    මැතිවරණය කල් දැමීමට හේතු වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ  නියමිත මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම බව වගඋත්තර කරුවන් විසින් සඳහන් කර තිබෙනවා.
     
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 16:10

    Latest News