පොල් ගෙඩියෙන් ලාබ ලබා භාණ්ඩාගාරයටත් සල්ලි

නොවැ 30, 2023
    පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.

     

    ඊට අදාල චෙක්පත සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා විසින් බාර දෙනු ලැබුවා.
     
    ඉදිරි සතිය තුළ මෙම රුපියල් මිලියන 125ක මුදල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බාර දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කළා.
     
    උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කිරීම සම්බන්ධව පොල් සංවර්ධන අධිකාරියේ සියලු කාර්ය මණ්ඩලවලට ස්තූතිවන්ත වන බව ද අමාත්යවරයා මෙහිදී සඳහන් කළා.

    Latest News