ක්‍රීඩා සමාජ තරග දෙකක්

නොවැ 22, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙනවා. 


    කොළඹ එස්.එස්.සී සහ ගාල්ල ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙදින තරගයක් ලෙස පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අදයි.

    ඊයේ ප්‍රථම ඉනිමට එස්.එස්.සී. ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 246ක් රැස් කළා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සඳුන් වීරක්කොඩි ලකුණු 104ක් රැස් කළා. ආකාශ් රත්නායක ලකුණු 50යි. පන්දු යැවීමේදී රජිව් වීරසිංහ කඩුලු 5ක් දවාගත්තා.

    ටැමිල් යූනියන් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වෙන්නේ, කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී. ටැමින් යූනියන් කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 7කට ලකුණු 236ක් රැස් කළා. බිනුර ප්‍රනාන්දු ලකුණු 66යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 51යි. පන්දු යැවීමේදී නලින් ප්‍රියදර්ශන කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ දෙවැනි දිනය අදයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News