ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පලමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සැප් 03, 2021

    සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ලකුණු 14ක ජයක් අත් කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

    කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඊයේ(02) රාත්‍රියේ පැවති එම තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 300 ක් රැස් කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118 ක් රැස් කිරිමට සමත් විය. ඊට හතරේ පහර 10 ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. චරිත් අකලංක ලකුණු 72 යි. ධනංජය ද සිල්වා ලකුණු 44 යි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කර ගැනිමට හැකිවූයේ ලකුණු 286 ක් පමණි. ඒඩ්න් මැක්‍රම් ලකුණු 96 යි. අකිල ධනංජය කඩුලු 02 ක් බිඳ හෙලිය. තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු නම් කෙරිණි.

    Last modified on සිකුරාදා, 03 සැප්තැම්බර් 2021 19:04

    Latest News