ඔස්ට්‍රේලියාව සුපිරි 04 අතරට

නොවැ 08, 2023
    ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.

    ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 291 ක් රැස් කළා. දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු ඊබ්රාහිම් සඩ්රන් නොදැවී ලකුණු 129 ක් රැස් කළා.

    ඊට හතරේ පහර 8 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්. පන්දු යැවීමේදී ජොෂ් හෙයිසල්වුඩ් කඩුලු 2 ක් දවා ගත්තා. ලකුණු 292 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්රේලියානු කණ්ඩායමේ ප්රථම කඩුලු 7 ලකුණු 91 කට දැවී ගියා. පසුව පිටියට පැමිණි ග්ලේන් මැක්ස්වෙල් සමගින් නායක පැට් කමින්ස් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට සමත් වුණා.
     
    ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ක්රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාව සමගින් නොදැවී ලකුණු 201 ක් රැස් කළා. ඊට හතරේ පහර 21 ක් සහ 6 පහර 10 ක් ඇතුළත්.
     
    පන්දු යැවීමේදී නවීන් උල් හක්, අස්මතුල්ලා ඔමර්සායි සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව, ඔස්ට්රේලියානු කණ්ඩායම ක්රීඩා කළ තරග 8 ක් තරග 6 ක් ජය ගෙන ප්රසාද ලකුණු 12 ක් හිමි කර ගනිමින් ප්රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා. තරගයේ වීරයා ඔස්ට්රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්.
    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 12:38

    Latest News