ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන තරගය අද

ජූලි 23, 2021

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිතයි.

    එය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

    දැනට අතර එක්දින තරගාවලිය දෙකට බිංඳුවක් ලෙස මේ වන විටත් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා. කණ්ඩායම් දෙක අතර පැවති අවසන් එක්දින තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ කඩුලු දෙකක් අතැතිවයි.

    ඒ අතර වනිඳු හසරංග සහ කසුන් රාජිත ආබාධවලට ලක් වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අද තරගයට ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය අවිනිශ්චිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

    Latest News