එංගලන්තය 312/7 යි

නොවැ 23, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය, දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබා සිටියේය. කාසියේ වාසිය ජයගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ජොනී බෙයිස්ටෝව් ලකුණු 110ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ 6යේ පහරක් සමඟින්. බෙන් ස්ටෝක් ලකුණු 57ක් රැස් කළ අතර, නායක ජෝ රූට් ලකුණු 46ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ලක්ශාන් සඳකැන් ලකුණු 91කට දවාගත් කඩුලු සංඛ්‍යාව 4ක්.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News