යුපුන් ඔලිම්පික් සිහිනයට තවත් ළංවෙයි

මැයි 22, 2021

    යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

    සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ. මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වෙයි.

    යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි.

    Last modified on සෙනසුරාදා, 22 මැයි 2021 12:47

    Latest News