බීච් වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනයට ගිවිසුමක්....

මැයි 22, 2021

    මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනයට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ක්‍රීඩා සභාව ඊයේ ගිවිසුමකට එළඹිණ.

    ඒ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතියට අවශ්‍ය තාක්‍ෂණික හා අනෙකුත් පහසුකම් සංවර්ධනය මෙහි අරමුණයි. ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ලේකම් එස්. නාලක යන මහත්වරුන් ඊට අත්සන් කළේය.

    මේ අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    Latest News