ධනුෂ්ක - ලහිරු, ශ්‍රි ලංකා ඉනිම ගොඩනගයි

දෙසැ 09, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කළේය.


    තෙදින පුහුණු තරගය නවසීලන්තයේ නේපියර් මැක්ලම් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 64ක් ලබා සිටි නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අද දිනයේ දී කඩුලු 08කට ලකුණු 270ක් රැස්කිරීමට සමත්වූහ. දිල්රුවන් පෙරේරා, ලකුණු 30කට කඩුලු 02ක් ද, ලක්‍ෂාන් සඳකැන් ලකුණු 67කට කඩුලු 02ක් ද ලබා ගත්තේය.

    ඒ අනුව දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූ අතර ආරම්භක පිතිකරු යුගලය වූ ලහිරු තිරිමාන්න සහ ධනුෂ්ක ගුණතිලක එක්ව ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 116ක සම්බන්ධතාවක් ගොඩනැගීය. පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 83ක් රැස් කරගෙන සිටි ධනුෂ්ක ගුණතිලකයි. දෙවැනි කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න ලකුණු 45කට දැවී ගියේය.

    අද දිනය අවසන් වනවිට ධනංජය සිල්වා ලකුණු 19ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැදී සිටී. දිල්රුවන් පෙරේරා, ලකුණු 30කට කඩුලු 02ක් ද, ලක්‍ෂාන් සඳකැන් ලකුණු 67කට කඩුලු 02ක් ද ලබාගැනීමට සමත්වූහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 12:06

    Latest News