අකිලට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

දෙසැ 10, 2018

    දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

    ඒ අනුව ඔහුට එරෙහිව ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ චෝදනා එල්ල කෙරුණේ පසුගියදා එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී. ඒ අනුව ඔහුගේ පන්දු යැවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් ඔස්ට්‍රෙිලියාවේ දී පරීක්‍ෂණයක් සිදු කෙරිණ.

    එහිදී ඔහුගේ පන්දු යැවීම නීති විරෝධි බව තීරණය කර තිබේ. කෙසේ වුවද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිකර ගැනීමෙන් පසු නැවත පරීක්‍ෂණයකට ඉදිරිපත් විය හැකි බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News