ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට දෙවැනි තරගයෙන් ද ජය

දෙසැ 08, 2018

    ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුල්ලකින් ජයක් හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමත් වෙති.

    තරගය කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

    ශ්‍රී ලංකාව තරග වැඳුණේ ඇෆ්ගනිස්තානය සමඟයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත සියල්ලන් දැවී ලකුණු 210ක් ලබාගත්හ. කරීම් ජානට් ලකුණු 68යි.

    ලකුණු 211ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව සිය ජයග්‍රහණය තහවුරු කළේය. කමිඳු මෙන්ඩිස් ලකුණු 71ක් ලබාගැනිමට සමත්විය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 18:40

    Latest News