මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම 80% සීමාවේ පවතින බවයි ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ප්‍රශස්ත මට්ටමක පවතින බව, කැෆේ සංවිධානය පවසයි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.30 වන විට 75% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි.

විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේ දී වලංගු ගමන් බලපත්‍රයක් රැගෙන එම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා ඡන්දය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමේ තීරණය කර තිබේ.

ඔස්ට්‍රියා මහ මැතිවරණයේ ජය මෙවරත් කන්සර්වේටිව් මහජන පක්ෂ නායක, සෙබස්තියන් කර්ස් හිමි කර ගෙන තිබේ.

Latest News