ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ඔස්ට්‍රියාවෙන්

සැප් 30, 2019

    ඔස්ට්‍රියා මහ මැතිවරණයේ ජය මෙවරත් කන්සර්වේටිව් මහජන පක්ෂ නායක, සෙබස්තියන් කර්ස් හිමි කර ගෙන තිබේ.

    මැතිවරණ ඊයේ පැවැත්විණ. ඡන්ද ගණන් කිරීම මුළුමනින්ම අවසන් වී ඇති අතර, සෙබස්තියන් කර්ස්ගේ පක්ෂය 38% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබේ. ඔවුන් හිටපු සන්ධානගත හවුල්කරු වන අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ, 17.3ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. එය එම පක්ෂයේ තියුණු කඩාවැටීමක් ලෙස සැලකෙයි. පැවති සන්ධානගත ආණ්ඩුව බිඳ වැටීම, ඔස්ට්‍රියාව මෙම හදිසි මහ මැතිවරණය පැවැත්වීමට හේතුවයි.

    කෙසේ වෙතත්, මෙවරත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සෙබස්තියන් කර්ස්ට තවත් පක්ෂයක් සමග සන්ධානගත වීමට සිදුවන බවයි, වාර්තා වන්නේ. මෙවර මැතිවරණයට මිලියන 6.4ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදසුකම් ලැබීය. ඡන්දය ප්‍රකාශ කිරීම ද ඉහළ මට්ටමක පැවති බවයි, වාර්තා වන්නේ. සෙබස්තියන් කර්ස්ගේ ජයග්‍රහණය පිළිබඳ මුල සිටම ජනතාව තුල දැඩි විශ්වාසයක් පැවතියේය. ඔහු ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙස සැලකේ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 16:50

    Latest News