ගතවූ කාලයේ දී මැතිවරණය සාමකාමී

නොවැ 16, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

    මන්නාරම, බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම්කිහිපයක් වාර්තා වී ඇති බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ. ඡන්දය භාවිත කිරීමේන් අනතුරුව සාමකාමීව නිවෙස් වෙත ගමන්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ වූ අතර පස්වරු 5.00 දක්වා එය ක්‍රියාත්මකයි. . 

    කෙසේ වෙතත් මේ වන විට ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය භාවිත කරමින් සිටින අයුරු දැකගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 14:12

    Latest News