අට වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් - ඡන්දය ප්‍රකාශය 80% සීමාවට

නොවැ 16, 2019

    2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම 80% සීමාවේ පවතින බවයි ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ.

    පවස්වරු 4.30 වන විට ලැබුණ දත්ත අනුව සමස්ත ඡන්දය ප්‍රතිශතය සියයට 75 ඉක්මවා තිබිණ. එසේ වුවද දිස්ත්‍රික්ක කිහිපයක් ඡන්දය ප්‍රකාශ කිරිමේ සුළු අඩුවක් පැවති අතර එම දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70 සිමාවට ආසන්නව තිබේ.

    ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 ට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්අ කෙරිණ. එ අනුව පවස්වරු 5.15 තැපැල් ඡන්ද ගණන් කිරිම ආරම්භ කෙරිණ. ප්‍රථම ප්‍රතිඵලය අද රාත්‍රි 10.00 ත් 12.00 අතර නිවේදනය කල හැකි බව මැතිවරණ කොමිසම පවසයි. 

    ජනාධිපතිවරණ ඡන්ද වීමසීමේ ප්‍රතිඵල එසැණින් නිවැරදිව නිළ පුවත් ඔබ වෙතගෙන ඒමට රූනිවුස් වෙඩ් අඩවිය (runews.lk) සූදානමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 18:00

    Latest News