Update : ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවයි

නොවැ 16, 2019

    ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.30 වන විට 75% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි.

    පස්වරු 4.30 වන විට ගාල්ල80%, මහනුවර75%, මාතර72%, යාපනය64%, ත්‍රිකුණාමලය82%, පුත්තලම70%, කුරුණෑගල70%, මාතලේ75%, කිලිනොච්චි70%, පෙළොන්නරුව80%, කෑගල්ල73%, රත්නපුරය80%, මොනරාගල80% ලෙස ඡන්දය භාවිත කර තිබිණ.

    ...........................................

    ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.00 වන විට 70% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ පැයකටත් අඩු කාලයකි. මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරිමට සඳහ ඉහළ දායකත්වයක් පවතින බව අප ප්‍රදේශිය වාර්තාකරුවන් පවසති. උතුරු නැගෙනහිර පලාතේ ඡන්දය ප්‍රකාශ කිරිමේ මන්දගාමි බවක් අද පෙරවරුවේ තිබුණ ද පස්වරුවේ එම තත්වය මග හැරි ඇති බවත් ඡන්ද දායකයින් ඡන්ද පොල වෙත පැමිණිමේ වැඩි නැඹුරුවක් පෙන්වන බවත් වාර්තාවේ. මුලතිව්, මන්නරාම, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වවුනියාව ඒ අතර ප්‍රධානවේ.

    ................................................

    ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 03.00 වන විට 65% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ පැයකටත් අඩු කාලයකි.

    ................................................

    2019 ජනාධිපතිවරණයේ අද දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා තිබේ.

    ප.ව 2.00-

    මහනුවර70%,මාතලේ70%,කෑගල්ල55,ගාල්ල67%,හම්බන්තොට70%,ත්‍රිකුණාමලය55%,කුරුණෑගල60%, වව්නියාව60%,ගාල්ල67%,යාපනය55%,මන්නාරම56.7%,මුලතිව්55.3%,ත්‍රිකුණාමලය65%,මඩකලපුව54.7%,මාතර65%,බදුල්ල70%

    ප.ව 12.00 -

    හම්බන්තොට, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රතිශතය 55% ඉක්මවා ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කය 60%ක් ලෙස වාර්තාවේ. පොලොන්නරුව 52% ක්, නුවරඑළිය 50% ක්, ගාල්ල 50% ක්, කලුතර 50%, මාතර 50%

    පෙ.ව.10:00 - 

    2019 ජනාධිපතිවරණයේ අද උදෑසන 10.00 පමණ වන විට සමස්තයක් ලෙස 35%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතකර ඇති බව වාර්තා වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී මේ වන විට පැය 4කට අධික කාලයක් ගතව තිබේ. මෙවර සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් අතර වැඩි උනන්දුවක් පවතින බවයි, අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ.

    ජනාධිපතිවරණය 2019 - පෙ.ව 10.00 පමණ වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

    මහනුවර30%,අනුරාධපුරය30%,ගම්පහ30%,පොළොන්නරුව20%,මාතර30%,රත්නපුරය40%,වව්නියාව25%,

    කුරුණෑගල30-35,නුවරඑළිය35%,කළුතර20% මොණරාගල45%,හම්බන්තොට35%,යාපනය25%,මඩකලපුව20%,මන්නාරම30%

    ත්‍රිකුණාමලය25%,පුත්තලම40%,කිලිනොච්චි30%,කොළඹ32%,කෑගල්ල37%,බදුල්ල54%,මාතලේ40%,මුලතිව්36%,දිගාමඩුල්ල30%

    2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ විය. එය පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි. මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ. ඉතිහාසයේ දිගම ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව ඇත්තේ මෙවරයි. 

    2015 ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින්ට වඩා මෙරව අලුත් ඡන්ද දායකයින් නව ලක්ෂ හතළිස් හත් දහස් හයසියහය දෙනෙකු ලියාපදිංචි වී සිටියි. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද මධ්‍යස්ථාන 531ක වැඩිවීමක් දක්නට ලැබෙයි.  ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1,355ක පැවත්වෙනු ඇති.  සවස 5.00න් පසු තැපැල් ඡන්දය ගණනය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.  සවස 6.00න් පසු සෙසු ඡන්ද ගණනය කිරීම ආරම්භ කරන බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 17:56

    Latest News