ජනපති පොළොන්නරුවේ දී ඡන්දය ප්‍රකාශ කරයි

නොවැ 16, 2019

    2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමග අද පෙරවරුවේ විද්‍යාලෝක විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිතුමා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්විය. ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 12:14

    Latest News