විදේශගතව සිට පැමිණ ඡන්දය දැමීමට වලංගු ගමන් බලපත්‍රය අනිවාර්යයි

නොවැ 01, 2019

    විදේශගත වී සිට පැමිණෙන ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේ දී වලංගු ගමන් බලපත්‍රයක් රැගෙන එම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    විදේශගත වී ඇති ඡන්ද හිමියන් පිළිබඳ විස්තර ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගෙන එම ඡන්ද හිමියන්ගේ නම් ඡන්ද පොළේ ඇති ඡන්ද හිමි නාමලේඛනයේ සලකුණු කිරමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    එසේ සිදුකර ඇත්තේ එවැනි ඡන්දහිමියෙකු ඡන්ද පත්‍රිකාවක් ඉල්ලා ඡන්ද පොළට පැමිණියහොත් එම අයගේ අනන්‍යතාව සම්බන්ධව විශේෂයෙන් කරුණු විමසීම සඳහා ඡන්ද පොළේ නිලධාරීන් කටයුතු කිරීමට පහසුවීමට බව නිවේදනයක් නිකුත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    Last modified on සිකුරාදා, 01 නොවැම්බර් 2019 11:16

    Latest News