'කොවිඩ්-19' වෛරසය පාලනය සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි.

කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණින් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා සැප්තැම්බර් 30 දින වන විට එන්නත් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

අද (18) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 198 දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට එන්නත් මාත්‍රා එක් කෝටි 69 ලක්ෂ 20,027ක් මෙරට ජනතාවට ලබා දී තිබේ.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි හැටලක්ෂ හැටපන් දහස් 225ක් ලබාදී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 22939ක්. එහි දෙවැනි මාත්‍රාව 1086 දෙනෙකු ලබාගෙන තිබේ.

කොවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අද (10) සිට ආරම්භ කෙරේ.

හැටන් පොලිස් වසමට අයත් පැන්මුර් සහ ෂැනන් ග්‍රාමසේවා වසම්වල පදිංචි අවු 30 වැඩි පුද්ගලයින් 2200කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ අවු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද (09) දින හැටන් ෂැනන් දමිල මහා විද්‍යාලයේ දී සිදු කෙරේ.

අද (08) දිනයේ ද ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන රැසක දී එන්නත්කරණ කටයුතු සිදුකරනු ලබයි.

අමෙරිකාව තුළ ජනගහනයෙන් 50%ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනූව මිලියන 165කට වැඩි පිරිසක් අද වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

එන්නත්කරණයෙන් පසුව දෙන කාඩ්පත සෑම අවස්ථාවකම ලගා තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි.

Latest News