වතුකරයේ එන්නත්කරණ වැඩසටහන අදත්

අගෝ 09, 2021

    හැටන් පොලිස් වසමට අයත් පැන්මුර් සහ ෂැනන් ග්‍රාමසේවා වසම්වල පදිංචි අවු 30 වැඩි පුද්ගලයින් 2200කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ අවු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 200 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද (09) දින හැටන් ෂැනන් දමිල මහා විද්‍යාලයේ දී සිදු කෙරේ.

    අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් එන්නත්කරණ වැඩසටහන දියත් කර ඇති අතර, එන්නත ලබා ගැනිම සඳහා අවු 30 වැඩි පුද්ගලයින් විශාල පිරිසක් පැමිණ සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

    01

    02

    03

    Latest News