60ට වැඩි සහ රෝගාබාධ සහිත බස්නාහිර පුද්ගලයින්ට එන්නත් ලබාදීම අද සිට

අගෝ 10, 2021

    කොවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අද (10) සිට ආරම්භ කෙරේ.

    ඒ අනූව ලබන 12 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.‍

    1906 දුරකථන අංකය ඇමතීමෙන් ඒ සඳහා නම ලියාපදිංචි විය හැකියි. කොවිඩ් රෝගය වළක්වාගත හැකි හොඳම විසඳුම එන්නත්කරණය බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

    කොවිඩ්-19 වෛරසය හේතුවේන දිනක දී මියගිය වැඩිම පිරිස ඊයේ දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. එම පිරිසට 111 දෙනෙක් ඇතුළත්. පිරිමි පුද්ගලයින් 56ක් හා කාන්තාවන් 55ක්.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මියගිය 90 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි.

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 14:45

    Latest News