එන්නත් මාත්‍රා එක් කෝටි 69 ලක්ෂ 20,027ක් මෙරට ජනතාවට

අගෝ 18, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට එන්නත් මාත්‍රා එක් කෝටි 69 ලක්ෂ 20,027ක් මෙරට ජනතාවට ලබා දී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 7,712ක්. එහි දෙවැනි මාත්‍රාව 237 දෙනෙකු ලබා ගෙන තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 21,685 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස එක් ලක්ෂ 3,415ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 116 දෙනෙකුට සහ දෙවැනි මාත්‍රාව 3,415 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ 210 දෙනෙකුට ලබා දී ඇත. 

    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 19 ලක්ෂ 18,345ක්. ඊයේ පමණක් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 37,221ක් ලබාදී තිබේ.

    Latest News