මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 60 ලක්ෂ 65,225ක් ලබාදී අවසන්

අගෝ 14, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි හැටලක්ෂ හැටපන් දහස් 225ක් ලබාදී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 22939ක්. එහි දෙවැනි මාත්‍රාව 1086 දෙනෙකු ලබාගෙන තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 66722ට ඊයේ ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 2,76476ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 164 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව 6274ට ලබාදී තිබේ.

    කොළඹ නගරයේ එන්නත් ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුරවැසියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම රථවලින් එන්නත් ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි.

    මරදාන ප්‍රදේශයේ එන්නත් ලබානොගත් පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීම අද සිදු කෙරේ. ඒ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්.

    Latest News