අමෙරිකාවේ 50%ක් පූර්ණ එන්නත්කරණයට

අගෝ 07, 2021

    අමෙරිකාව තුළ ජනගහනයෙන් 50%ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනූව මිලියන 165කට වැඩි පිරිසක් අද වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

    අමෙරිකාව තුළ ප්‍රධාන වශයෙන් ෆයිසර් එන්නත හා මොඩර්නා එන්නත පමණක් එන්නත්කරණය සඳහා යොදා ගැනේ.

    අමෙරිකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය ආරම්භ වීමත් සමග රට තුළ වාර්තා වන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි. ඊයේ දිනයේ දී ද එක් ලක්ෂ 30,706 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 64 ලක්ෂ 47,000 ඉක්මවා ගොස් තිබේ.

    වෛරසය හේතුවෙන් හය ලක්ෂ 32,000 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් මේ වන විට එරටින් වාර්තා වෙයි.

    ආජන්ටිනාව තුළ ද වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ගෝලීය වශයෙන් පනස් ලක්ෂයකට වැඩි ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 8ක්. අමෙරිකාව,ඉන්දියාව,බ්‍රසීලය, රුසියාව,ප්‍රංශය ඒ අතරට අයත්.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 11:49

    Latest News