අවු.18ට වැඩි සියලුදෙනා එන්නත්කරණය සැප්තැම්බර් 30 වන විට

අගෝ 18, 2021

    කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණින් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා සැප්තැම්බර් 30 දින වන විට එන්නත් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ අනූව ඒ සඳහා වන එන්නත් අවශ්‍යතාව වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ජා සම්මුති කමිටුව විසින් සාකච්ජා කර තීරණය කළ ඒකක මිල යටතේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් හා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    කොවිඩ්-19 වසංගත තත්වයේන ජනතාව ආරක්ෂා කිරීම සඳහා මූලිකව මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද අතර 2021 අගෝස්තු 9 වැනි දින වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබේ.

    එම එන්නත් තොගයෙන් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව වශයෙන් ද මාත්‍රා මිලියන 3.25ක් දෙවැනි මාත්‍රාව වශයෙන් ද භාවිත කර තිබේ.

    vax1

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 12:48

    Latest News