එන්නත් කාඩ්පත ලඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය

අගෝ 06, 2021

    එන්නත්කරණයෙන් පසුව දෙන කාඩ්පත සෑම අවස්ථාවකම ලගා තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි.

    ඒ පිළිබඳව අදාල සියලු අංශ සමග දැනටමත් සාකච්ඡා කර අවසන් බව වාර්තා වේ.

    කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කර ඇති තත්වයක ඇතැම් පුද්ගලයන් එන්නත්කරණයට ලක්වීම ප්‍රතික්ෂේප කරන බවට තොරතුරු ලැබි තිබේ. එවැනි පුද්ගලයන් එන්නත්කරණයට උනන්දු කරවීම එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ අරමුණ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. අදාල තීරණය ක්‍රියාත්මක වුවහොත් ඕනෑම අයෙකු නිවැසින් බැහැරව යනවිට එන්නත්කරණ කාඩ්පත ලග තබා ගැනීම අනිවාර්ය කෙරේ.

    පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම රාජ්‍ය හා පෙද්ගලික ආයතනවලට ඇතුල්වීමේදී කාඩ්පත පරීක්ෂා කෙරෙන අතර කාඩ්පත නොමැති පුද්ගලයන්ට අදාල ස්ථානවලට ඇතුඵවීමට අවසර නොලැබෙන බව යුද හමුදාපතිවරයා කියයි. තමන්ට ආසන්නම ස්ථානයෙන් එන්නත් කිරීමට ලක්වන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රටපුරා ව්‍යාප්ත වන බැවින් එය අත්‍යවශ්‍ය වෙයි.

    Latest News