ක්‍රීඩා පනත යටතේ නියෝග තුනක් අද (7) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීම ඊයේ(06) සිදු විය. මීළඟ මහ මැතිවරණය දෙසැම්බර් මස 12වනදා පැවැත්වීමට නියමිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සංශෝධන සහිතව සම්මත කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.පාස්කු ප්‍රහාරයට ගැන තේරීම් කාරකසභා වාර්තාව අද පාර්ලිමේන්තුවට (පෙ.ව 7.30)

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සදහා සම්පුර්ණයෙන්ම නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය කථානායක කරු ජයසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට විවෘත කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ(12) නිකුත් කලේය.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා ද නැද්ද යන්න පාර්ලිමේන්තුව ගත යුතු තීරණයක් බවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වුවමනා නම්, පාර්ලිමේන්තුවේ එකඟතාවය අනුවයි සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස වු ඉල්ලීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහසිගතව කතානායකවරයා යොමු කෙරේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු ද මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

Latest News