ක්‍රීඩාවේ දූෂණ වැලැක්වීමට සූදුකරුවන් ඉවත් කිරිමේ නියෝග 03ක්

නොවැ 07, 2019

    ක්‍රීඩා පනත යටතේ නියෝග තුනක් අද (7) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.

    විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ නියෝග පාර්ලිමේන්තුව ඉදිරිපත් කළේ ය. ක්‍රීඩාවේ දූෂණ ඉවත් කිරීමට පියවර ගන්නා බවත් සූදු කරුවන්ගෙන් ක්‍රීඩාව බේරා ගත යුතු බවත් නියෝග ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

    ක්‍රීඩා තරඟ පාවා දීම, ඔට්ටු ඇල්ලීම, පරදු දැමීම සිදු කරන සූදූවට සම්බන්ධ කිසිදු කෙනෙකුට ක්‍රීඩාවට හෝ පරිපාලනයට ඇතුළ්වීමට කිසිදු අවසරයක් ඒ අනුව හිමි නොවන බව අමාත්‍යවරයා කීය.

    ක්‍රීඩකයන් විඳින දුක් අප්‍රමාණයි.අත්‍යාවශ්‍යම දෙය මේ සඳහා පනත ගෙන ඒමයි. මෙය ලංකාවේ නීතියක් වෙනවා. පක්ෂ නායකයෝ කැඳවලා, පනත සාකච්ඡා කරන්න පියවර ගන්න.ආණ්ඩුව අනුව ගෙන්න ඕන කටයුත්ත කළා යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

     

     

     

    Latest News