2020 මුල් මාස 4ට රජයේ වියදම් වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සම්මතයි (වීඩියෝ)

ඔක් 23, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සංශෝධන සහිතව සම්මත කර තිබේ.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර...

    “2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කිරීමට මං දැන් බලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසර අවසානයේ, සම්ප්‍රදායක් හැටියට නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු ඉදිරියේ තැබීම ඉතා වැදගත් සම්ප්‍රදායක්. නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා, මේ අවස්ථාවේදී මාස හතරක් සඳහා මුදල් වෙන් කොට අදාල වර්ෂයේ දී අය වැය ඉදිරිපත් කිරීමට මෙය පෙර ද සිදු කරලා තියෙනවා. පසුගිය වර්ෂයේදී අපිට මතකයි 2019 අයවැය ඉදිරිපත් කිරීමට දින කිහිපයක් තිබියදී, මගේ අයවැය මහා භාණ්ඩාගාරයේ සකස් කරමින් සිටින කොට තමයි ඔක්තෝබර් මස 26 හරියටම ඒ අවාසනාවන්ත කනගාටුදායක අවස්ථාවට වසරක් සම්පූර්ණ වෙනවා මේ සතියෙදි. එදා රාත්‍රියේ තමයි අපිට ආරංචි වුණේ විවස්ථාදායක කුමන්ත්‍රණ මගින් මහින්ද රාජපක්ෂ එවකට හිටපු පොහොට්ටුවේ නායකවරයා බලහත්කාරයෙන්ම අගමැති පුටුවේ වාඩි වෙලා කියලා. ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල අයවැයක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. උත්තරීතර පාර්ලිමේන්තුව තුළ විශාල මැර බලය ක්‍රියාත්මක උනා. අද රූපවාහිනියට ඇවිල්ල මේ රටට විනයගරුක සමාජයක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙන ඒ මැති ඇමතිවරු මේ සභා ගර්භයේදී මේ මයික්‍රෆෝන කඩලා විසිකරලා කථානායකතුමාගේ පුටුව වතුර හදලා ඒ කරපු ජරාජීර්ණ වෙච්ච මහා අපරාධය මේ පාර්ලිමේන්තුවේ සදහටම තියෙන ඉතාමත් කණගාටුදායක කළු පැල්ලමක්. අපේ කතානායක පෙන්නූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති නොසැලෙන කැපවීමෙන් පාලිමේන්තුව අභීත නායකත්වයක් ලබා දීපු නිසා ඒ වගේම රටේ නීතියේ ආධිපත්‍ය ජය ගැනීමත් නිසා එය අවාසනාවන්ත කෙටි කාල පරිච්ඡේදය අතීතයේ කළු පැල්ලමක් බවට පමණක් සීමා කල තියෙනවා. කොටස්කරුවන් වූ අද නැවතත් ජනතා අයිතීන් පිළිබඳ කතා කිරීමට විශාල පුදුමයක්. විනයගරුක සමාජයක් ලබා දෙන්නට අද කතා කරන පුද්ගලයෝ මීට හරියටම අවුරුදුකට ඉස්සෙල්ලා මේ සභා ගර්භය තුළ හැසිරිය හැකි වතාවක් බලන්න කියලා මං මේ අවස්ථාවේදී කියෙනවා. අපි දකිනවා සුපුරුදු පරිදි රාජපක්ෂ ඇත්තෝ ටික දැන් ආයෙමත් රණවිරුවෝවෝ විකුණගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හදනවා. කොල කෑල්ලක පමණක් සීමා වෙච්ච රාජපක්ෂලාගේ පොරොන්දු අපි සාකච්ඡා කළා මෑතකදී සියලු රණවිරු ආබාධිතයන්ගේ විශ්‍රාම ගිය ඉන්පස්සෙ මුළු වැටුප් සියලු දීමනා ජීවිතාන්තය දක්වා දෙන්න තීන්දු කළා. ඒ තීන්දුව අහගත්ත ගමන් රාජපක්ෂ උන්නැහැලා අර අහිංසක රණවිරුවන් ටිකක් පාරට බස්සල ඒ අය ලබාගත්ත දෙයක් හැටියට එ්ක පෙන්නන්න කටයුතු කරා. සමහරු කියනවා අද ආයිමත් අපේ රණවිරු බලාගෙන ඉන්නවලු රාජපක්ෂලා එනකන්. මම දන්න නම් බලාගෙන නෑ. මොකද එය හැම එකෙන්ම කියන්නේ ඒගෝල්ලෝ ආවොත් අයෙමත් ගෝඨාභයගේ බල්ලො නාවන්න වෙයි කියලා. කානු සුද්ද කරන්න වෙයි කියනවා. පාරක් අයිනේ එළෝලු විකුණන්න වෙයි කියනවා. එහෙම නැත්තං බැසිල් රාජපක්ෂගේ නෝනගේ සාරි කට්ට ගහන්න වෙයි කිව්ව. ඇත්ත වශයෙන්ම ඒක බොරුවක් නෙවෙයි. එ් අයව ඉතාමත් වහලුන් ලෙස පාවිච්චි කරපු යුගයක් තිබුණ. නමුත් අපි එයට අවශ්‍ය ගෞරවය අභිමානය ලබා දීලා අපි එයට කාටවත් වහල්ලු වෙන්නෙ කියලා කියන්නේ වත් නෑ” යැයි පැවසීය.

    Latest News