update - පාස්කු ප්‍රහාරයට ගැන තේරීම් කාරකසභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපෙත් කෙරේ

ඔක් 23, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.පාස්කු ප්‍රහාරයට ගැන තේරීම් කාරකසභා වාර්තාව අද පාර්ලිමේන්තුවට (පෙ.ව 7.30)

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම වාර්තාව පිටු 200 කින් පමණ සමන්විත බව ද නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය. විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන බවයි. මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා, විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව සඳහන් කළේය.

    “මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ බලය තියෙන්නේ උසාවියට. විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූයේ අතපසුවීම්, අඩුපාඩු හා දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම” යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

    නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, එම තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධිකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලූ බව ද කුමාරසිරි මහතා පැවසීය. එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරද වාර්තාව මගින් නිර්දේශ කරනු ලබන බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා තවදුරටත් පැවසීය

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 11:17

    Latest News