විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට

නොවැ 10, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ. ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

    මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයක්ද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය. 

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 09:24

    Latest News