රාජ්‍ය ආයතන 844ක ගිණුම් වාර්තාව පාර්ලිමේන්තුවට

නොවැ 28, 2019

    රාජ්‍ය ආයතන 844 ක පසුගිය මුදල් වර්ෂය සදහා වන මූල්‍ය හා කාර්‍යසාධනයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මීළග පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    එම වාර්තාව සදහා පසුගියදා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි විය. රාජ්‍ය ආයතන සියල්ලේම පසුගිය වසරට අදාල මූල්‍ය හා කාර්‍යසාධනය පිළිබදව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය බව අලගියවන්න මහතා පැවසීය.

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාව, රාජ්‍ය ආයතන වලට අදාළ විගණකාධිපති වාර්තා විමර්ශනය කිරීමට අමතරව 2015 මුදල් වර්ෂයේ සිට සියලු රාජ්‍ය ආයතන මූල්‍ය හා කාර්‍ය සාධන සිද්ධාන්තවලට අනුගත වීම පිළිබදව පරිගනක තොරතුරු තාක්ෂණය අනුසාරයෙන් වාර්ෂික ඇගයීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ අතර ඒ අනුව මෙම වාර්තාව සකසා තිබේ.

    එමෙන්ම විගණකාධිපති වාර්තා පදනම් කරගෙන පවත්වනු ලැබූ විමර්ශන 26 ක වාර්තා ද ඉදිරි සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්ත මහතා වැඩිදුරත් පැවසීය.

    Latest News