දුමක් ආග්‍රහනය වීම නිසා පානදුර - මහාමාත්‍ය කනිෂ්ඨ විද්‍යාල‍යේ සිසුන් 40 ක් පමණ අද දහවල් රෝහල් ගත කෙරුණා. 

ඊයේ දිනයේ දී කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 219 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් මියගිය පිරිස 8ක්.

වර්තමාන කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ ආසාදිතයින් සදහා මෙරට රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් ඊට අවශ්‍ය සුදුසු පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හැටන්, ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතු වු එක්දරු මවක් 1190 සුව සැරිය ගිලන් රථය මගින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

හැටන් ප්‍රදේශයේ මත්පැන් පානය කිරීමෙන් පසු දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16ක් දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය ප්‍රදේශයේ ගැටුමකින් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලටත් ඇතුලත් කර තිබේ.

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

රටේ පවත්නා සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියා කළ බෙල්ජියම් ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු වවුනියා පොලීසිය පොලීසිය විසින් වව්නියා රෝහල වෙත යොමු කරනු ලැබ තිබේ.

පුත්තලම,වනාතවිල්ලුව ප්‍රදේශයේ දී වාහනයකට සිදුවූ අලාභයක් සමත කර ගැනීමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

හැටන් - මස්කෙළිය ජල සම්පාදන මණ්ඩලයේ ක්ලෝරීන් ගබඩා කර තිබූ සිලින්ඩරයකින් කාන්දු වූ ක්ලෝරින් ආඝ්‍රහණය වීමෙන් එහි සේවකයෙකු ආසාත්මිකතාවට පත්වී රෝහල් ගත කර තිබේ.

Latest News