බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලට

අප්‍රේ 22, 2020

    තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

    නොර්වුඩ්, සෙන් ජොන් ටිලර් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 10 දෙනෙකු සහ කිවු වතු යායේ වතු කම්කරුවන් 4 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර තිබේ.

    තේ වත්තේ පොහොර දමමින් සිටින අවස්ථාවේ තේ පඳුරු මත බැඳතිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර සිටින වතු කම්කරුවන් කියා සිටියි.

    කොරෝනා වෛසරය පැතිර යාමේ අවදානමත් සමඟ තේ වතුවල පසුගිය කාලයේ වතු කම්කරුවන් වැඩ නොකල නිසා තේ පඳුරු මත විශාල වශයෙන් බඹර කුඩු බැඳ ඇති බව වතු කම්කරුවන් පවසයි.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 12:16

    Latest News