විෂ දුමක් නිසා සිසුන් පිරිසක් රෝහලේ

නොවැ 02, 2022
  • දුමක් ආග්‍රහනය වීම නිසා පානදුර - මහාමාත්‍ය කනිෂ්ඨ විද්‍යාල‍යේ සිසුන් 40 ක් පමණ අද දහවල් රෝහල් ගත කෙරුණා. 

    දුමක් ආග්‍රහනය වීම නිසා ඇති වූ සිහිසුන් වීම හේතුවෙන් සිසුන් පානදුර - මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    පාසලට යාබදව පිහිටි ඉඩමක, ගිනි දමා පුළුස්සන ලද යම් කිසි ද්‍රව්‍යක් දුමත් සමග ආග්‍රහනය වීම නිසා මෙම තත්වය හට ගත් බවයි, වාර්තා වන්නේ. එහිදී සිසුන් 40 දෙනෙකු පමණ සිහිසුන්  වී තිබෙන අතර, ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 13:45

    Latest News