මත්පැන් පානය කර ගැටුම්ලින් 19ක් රෝහලේ

මැයි 14, 2020

    හැටන් ප්‍රදේශයේ මත්පැන් පානය කිරීමෙන් පසු දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16ක් දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය ප්‍රදේශයේ ගැටුමකින් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලටත් ඇතුලත් කර තිබේ.

    මේ අතර බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් මස්කෙලිය සිට මස්කෙලිය ගාඩ්මොර් සහ මොකා වතුයායවල් වලට පෞද්ගලකි බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර බගවන්තලාව නගරයේ සිට ත්‍රීරෝද රථයකින් තේ වත්තකට බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 18 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

    සැකකරුවන්ට එරෙහිව හැටන් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව මස්කෙලිය සහ බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරුන් පැවසිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 11:13

    Latest News