වනාතවිල්ලුව ගැටුමකින් 3ක් රෝහලේ

නොවැ 18, 2019

    පුත්තලම,වනාතවිල්ලුව ප්‍රදේශයේ දී වාහනයකට සිදුවූ අලාභයක් සමත කර ගැනීමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

    ඔවුන් ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත පැමිණෙමින් සිටිය දී ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය පසු පසින් පැමිණ නැවත පහරදී ඇත. තුවාල ලැබූවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් 27 හැවිරිදි එම්.ඒ.අලී, 36 හැවිරිදි එස්.එම්.අල්.අසාද්, 33 හැවිරිදි එස්.එම්.එම්.එෆ් අෆ්ත්‍රාත් යන අය බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි  එස්.එන්.එම් නබීර් නමැති පුත්තලම ලිපිනයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් පුද්ගලයෙක් හා මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 09:27

    Latest News