රට පුරා ගැටුම්වලින් 8ක් මරුට..219ක් රෝහලේ

මැයි 10, 2022

    ඊයේ දිනයේ දී කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 219 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් මියගිය පිරිස 8ක්.

    මියගිය පිරිසට ගාලුමුවදොර පිටියේ දී ඇතුවු ගැටුමෙන් තුවාල ලැබූ අයෙක් ද ඇතුළත්. අරලියගහ මන්දිරය අසළදී කඳුලු ගෑස් විඳින තුවක්කුවක් පිපිරීමෙන් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබේ.

    මේ අතර නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ. ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද වෙයි.

    ඊයේ රාත්‍රී වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් හේතුනේ පුද්ගලයෙක් මියගොස් ඇති අතර මීගමුව ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමෙන් තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

    Latest News