ජලසම්පාදනයේ ක්ලෝරීන් කාන්දුව; සේවකයෙක් රෝහලේ

මාර් 18, 2019

    හැටන් - මස්කෙළිය ජල සම්පාදන මණ්ඩලයේ ක්ලෝරීන් ගබඩා කර තිබූ සිලින්ඩරයකින් කාන්දු වූ ක්ලෝරින් ආඝ්‍රහණය වීමෙන් එහි සේවකයෙකු ආසාත්මිකතාවට පත්වී රෝහල් ගත කර තිබේ.

    සෙසු සේවකයින් ද ඉන් ඉවත් කළ බවයි, අප වාර්තාකරු පවසන්නේ. කිලෝ 100ක පමණ ක්ලෝරීන් සිලින්ඩරයකින් විශාල ප්‍රමාණයක් කාන්දු වී තිබේ. ඒ හේතුවෙන්, අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් ද පවතින බවයි, වාර්තා වන්නේ. අවට පදිංචිකරුවන්ට දොර ජනෙල් වසා සිටින ලෙස දැනුම් දුන් බවයි,මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ටිරොන් රත්නායක මහතා කියා සිටියේ.

    1 7

    1 5

    1 8

    1 9

     

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 14:26

    Latest News