රෝහල්වල ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවුනහොත්, ඒ සඳහා හෝටල් කිහිපයක්

අප්‍රේ 29, 2021

    වර්තමාන කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ ආසාදිතයින් සදහා මෙරට රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් ඊට අවශ්‍ය සුදුසු පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.

    මේ වනවිටත් ප්‍රතිකාර කටයුතු කිරීම සදහා හෝටල් කිහිපයක් සකස් කරමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News