කොවිඩ් ලක්ෂණ මතු වූ එක්දරු මවක් රෝහල් ගත කෙරේ

නොවැ 09, 2020

    හැටන්, ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතු වු එක්දරු මවක් 1190 සුව සැරිය ගිලන් රථය මගින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    එම කාන්තාව තමන්ට කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට 1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවයට දැනුම් දී ඇත.

    එම කාන්තාව කොවිඩ් 19 වෛරස් අසාදිතයන් වාර්තා වූ හැටන් මහජන වෙලදපොල භුමියට අවස්ථා කිහිපයකදි ගිය බවත්, ඒ අනුව තමන්ට ඇති රෝග ලක්ෂණ අනුව 1990 සුව සැරිය ගිලන් රථ සේවයට දැනුම් දුන් බවයි, හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇත්තේ.

    Latest News