හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

පවතින අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැදවිය යුතු බව, යළි අවධාරණය කරන බව, ජතික නිදහස් පෙරමුණ පවසනවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කළා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගොස්තු මස 29 දා දක්වා කල් තැබුවා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර උද්ඝෝෂණය කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රජයෙන් ලබා දෙන අඩුපොළී බැංකු ණය සහනය ප්‍රයෝජනයට ගනිමින් මේ රටේ දරුවන්ට රැකියා උත්පාදනය කළහැකි කර්මාන්ත සඳහා අයෝජනය කරන ලෙස, ස්වදේශීය ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට තමා පොදු ආරාධනයක් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

"අධි තාක්ෂණික කර්මාන්ත මේ රටට ආකර්ෂණය කර ගැනීමේ මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගත යුතුයි" යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ලබන සඳුදා (01) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා (28) දුරකථනය මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06ක නායකයන්ට ඇරයුම් කර තිබිණි.

Latest News