සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් දේශීය කර්මාන්තයන්ට මුල්තැන දීමේ අරමුණූ පෙරදැරිව, විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍යවන්නා වූ උපාංගයන් දේශීයව නිපදවිමේ හැකියාව පිළිබඳව සොයා බැලේ.

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී - ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් දී තිබේ.

පරිසර හිතකාමී යෝගට් කෝප්පය හඳුන්වා දීමට හා ස්මාර්ට් නිවාස පද්ධති, ස්මාර්ට් කාර්යාල පද්ධති’ උපාංග සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට කර්මාන්ත ඇමති නිලධාරීන් මගින් අවශ්‍ය සහයෝගය ලබා දීමට පියවර ගෙන තිබේ.

2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මස 26 වන දා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පාරම්පරික කර්මාන්තයක් වන දියතරිප්පු කණ්ණාඩි ඉදිරියේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරිම සඳහා ලබා දී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රටේ පොහොර අවශ්‍යතාවයට සරිලන පරිදි එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ගොනුකළ නඩුව, පෙබරවාරි 12 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

Latest News