වීරවංශට වරෙන්තු

ජූනි 19, 2023

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

    ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා මත ගොනුකර නඩු කටයුත්තට අනූවයි.

    අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා කල් තැබීමට ද තීරණය කෙරුණා.

    Latest News