‍‍‍පවතින අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි - ජනිපෙ

අගෝ 01, 2022

    පවතින අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැදවිය යුතු බව, යළි අවධාරණය කරන බව, ජතික නිදහස් පෙරමුණ පවසනවා.

    එමගින් උපායමාර්ගික ප්‍රවේශය සහ ඊට අනුව වැඩපිළිවෙළ මෙන්ම, මාර්ග සිතියමක් පොදු එකඟතාවකින් යුතුව රටට ඉදිරිපත් කිරීම මහජන විශ්වාසය දිනා ගත හැකි බව, එම පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතු ලිපියක සඳහන්.

    වීරවංශ මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ වෙත යවන ලද ලිපියක මේ බව, දැක් වෙනවා. ව්‍යාජ අරගලකරුවන් හෙවත් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ කුලීකරුවන් ලෙස ක්‍රියා කරන පිරිස් අත තිබෙන දේශපාලන අවිය නිෂ්ක්‍රීය කිරීම වැදගත් වනවා.ඊට අමතරව ආර්ථික අර්බුදය විසදීම සඳහා විශ්වාසනීය හා ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ග තුළ මහජන විශ්වාසය දිනා ගැනීම යනු , ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පූර්ව කොන්දේසියක් බව, ‍එම ලිපියේ සඳහන්. පළමුව ව්‍යවස්ථා සංශෝධනයට අදාළව, දේශපාලන පක්‍ෂ අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීම වැදගත් වනවා.

    එම එකඟතාව ඇති කර ගැනීම සඳහාද සර්ව පාක්ෂික සමුළුවෙන් අවස්ථාව සැලසෙන බව, එම ලිපියේ දැක්වෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එම‍ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් ලෙසයි. පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීම ද, සාර්ව පාක්ෂික අවම පොදු වැඩපිළිවෙළෙහි කොටසක් මිස, ඊට පරිභාහිර ක්‍රියාවලියක් නොවිය යුතු බව, එම ලිපියේ වැඩිදුරටත් දැක් වෙනවා.

    NFF.jpg

     

    Last modified on සදුදා, 01 අගෝස්තු 2022 14:47

    Latest News