කොරියාවේ ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

පෙබ 26, 2020

    දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 3ක් හඳුන්වා දී තිබේ.

    0082-2-735-2966, 0082-2-735-2967, 0082-2-794-2968 යන මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකියි.

    කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැත.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 11:27

    Latest News