විදෙස් ගුවන්තොටුපොළවල සිටින ලාංකිකයින් 33ක් ගෙන්වා ගැනීමේ තීරණයක්

අප්‍රේ 09, 2020

    විවිධ රටවල ගුවන්තොටුපොළ 13ක සිරවී සිටින ශ්‍රී ලාංකියින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශකටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මේ වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 11:35

    Latest News